Monday, September 17, 2012

ඉතින් අවසරයි.









අපිට හැමදාම ජීවත් වෙන්න බෑනෙ. හැමදේම කරන්නත් බෑ. හැබැයි මේ ඉන්න චුට්ටෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා...." කියලනෙ අර සින්දුවෙත් කියන්නෙ. ඉතින් මාත් අත ගැහුව අලුත් වැඩකට. අලුත් කිව්වෙ මට අලුත් වැඩකට. හිතේ කොනක තිබුන ආසාවක් මුදුන්පත් වෙන්නයි යන්නෙ.

ඒ තමයි මටම කියල බ්ලොග් එකක් හදන එක. ඔන්න වැඩේ හරි. දැන් මම බ්ලොග් හිමිකරුවෙක්. කාලෙක ඉඳන් හිතේ තිබුනු දෙයක් තමයි අනේ මටත් ලියන්න පුලුවන් නම් කියන එක. ඔන්න ඉතින් දැන් බලන්න යන්නෙ පුලුවන්ද කියල තමයි.

මට බ්ලොග් කීපයක links එවල මාව කියවන්න ඇබ්බහි කරපු නංගි කෙනෙක්ට මුලින්ම ස්තුති කරන්න ඕනි. එයා තමයි මුලින්ම කිව්වෙ මටත් බ්ලොග් එකක් පටන් ගන්න කියල. මට බ්ලොග් එකක් ලියන්න ආස වෙන්න බලපාපු බ්ලොග් කීපයකුත් තියෙනව. බ්ලොග් ලෝකයේ ප්‍රවීණයො ලියපුව. එයලටත් ස්තුතිවන්ත වෙනව. මට යාලුවො කීප දෙනෙකුත් කිව්ව බ්ලොග් එකක් ලියන්න කියල. එයාලටත් ස්තුතියි.

කොහේ ගියත් මමයි රජා වගේ තනියම වැඩ කරන්න බෑනෙ. ගරු කලයුත්තන්ට ගරු කරන්න ඕනි. ඉතින් බ්ලොග් ලෝකයේ ප්‍රවීණයිනි. අවසරයි මටත් අත්හදා බලන්නට මාව ම.

4 comments:

  1. ආහ්... මල්ලි ලියමු බලන්න එහෙනම් දිගටම.මේ බ්ලොග් එකට තව කෑලි ටිකක් එහෙම දාලා ගමුකො..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අක්කේ ඔයාටයි නංගිටයි මට කරන උදව් වලට.

    ReplyDelete
  3. අඩේ ටිමලා!!!!! වෙල්කම් කිව්වා :D

    ReplyDelete
  4. තෑන්ක් යූ.... තෑන්ක් යූ... :D

    තිත්පොල පැත්තෙත් ආවෙ ලඟදි තමයි. :)

    ReplyDelete

ස්තුතියි කියෙව්වට......
හිතට එන දේ කියල යන්න. මේ ඉඩ ඔයාලට..........