කැරකෙන රෝදේ...පුන්චි කරත්තේ...ඉඳගෙන මම ඉන්නේ.................
පදික වේදිකා...පසු කර යන්නට...තල්ලු කරන් පුතුනේ................
තල්ලු කරන් පුතුනේ................
පරිගනකයෙන් ඇහෙන මේ සින්දුවත් එක්ක මම පොඩ්ඩක් අතීතයට ගියා. අපි උසස් පෙල ඉවර කරලා නිකන් ඉන්න බැරුවට ඉංග්‍රීසි පන්තියකට ගිය කාලෙට. දවසක් හවස අපි පන්ති ඉවර වෙලා මොනව හරි කන්න කියල හිතාගෙන ටවුමට යනව. මහ පාර අයිනෙන්. එක පාරටම අපිත් එක්ක ගිය නංගි කෙනෙක් "අන්න ඔයාලට කතා කරනව..." කියල කිව්ව.
මාත් ටක් ගාල බැලුව. අර ආබාධිත අය යන අතින් පදින රෝද තුනේ සයිකලේක යන එක්කෙනෙක් අපිට කතා කරනව. මම නම් හිතුවෙ සල්ලි ඉල්ලන්න කියල. මොනව උනත් කතා කලාම අහක බලාගෙන යන්න බෑනෙ. මායි තව කොල්ලෙකුයි එතනට ගියා. "පොඩි තල්ලුවක් දෙනවද...?" කාරුණික ඉල්ලීමක්. අහක දාන්න බෑ. එතන පාරෙ පොඩි කන්දකුත් තියෙනව. ඉතින් මමයි යාලුවයි මේක තල්ලු කරන්න පටන් ගත්ත.
"බස් එකක් නැවැත්තුවනෙ ඉස්සරහින්... ඉතින් ආපු වේගෙ නැවතුනා.... කන්ද නිසා දැන් යන්න අමරුයි...." අපිත් සද්ද නැතුව තල්ලු කලා කන්ද උඩටම. "හරි... දැන් මට ගිය හැකි....යන්නම්...." එහෙම කියපු ඒ මනුස්සයා යන්න ගියා.
කව්රු හරි අත දාන්න ඇති. "අතට එන කීය හරි නැති කරගෙන කොහොමද......" බස් එකත් නවතින්න ඇති. ආයිත් සැර දාගෙන යන්න ඇති. සමහර විට කකුල් පණ නැතුව දෑතෙ හයියෙන් ජීවිතේ ගෙනියන මේ මනුස්සයගෙ පුන්චි සයිකලේ බස් එකට පේන්නත් නැතුව ඇති. හොඳ වෙලාවට අපි එතන හිටියා. අනේ අපිත් නොහිටිය නම් ඒ මනුස්සය ගෙදර යන්නෙ කොහොමද......අපිට නොපෙනි මෙහෙම දේවල් කොච්චර වෙනවත් ඇද්ද.... මේ වගේ සිතුවිලි ගොඩක් එක්ක අපි ආයිත් අපෙ ගමන පටන් ගත්තා.
අම්මා මග ඇති...නෙත් අරවාගෙන...තල්ලු කරන් පුතුනේ...............
තල්ලු කරන් පුතුනේ...............
සින්දුවත් ඉවරයි.